Tuesday, February 22, 2011

කවිය ඔබ මට


ඔබ කඳුලු කවියකි
මගෙ හිතේ පන ලැබූ
මං පරිස්සම් කෙරූ
හදවතට බර වැඩි

අපි අපට නොම හිමියි
මේ කඳුලු ඒ නිසයි
මගේ ප්‍රේමයයි හිතයි
සදහටම ඔබ ලඟයි

මේ දෛවයේ හැටී
අපි දුක් නොවි ඉමු
සංසාරයේ මතු
පෙම් බැඳන් ළන් වෙමු..
මේ මම ලියපු කවියක් නෙවෙයි.එච්චර හැකියාවක් මට නෑ..ඔය කවිය මම කියෙව්වෙ ගංඟා ෂයිනි ගමගේ ගෙ"කවිය ඔබ මම" කියන පොතෙන්.පට්ට ලස්සන කතාවක් ඒක.පුලුවන් නම් හොයාගෙන කියවන්න.මමත් බූට් කාපු කාලෙ ඔය වගෙ කවි,නිසඳැස් අනන්තවත් කියෙව්වා.මගෙ හිතට වැදුන නිසා ඔන්න මම ඒක ඔයාලත් එක්ක බෙදා ගත්තා.