Monday, March 21, 2011

මම A/L කරපු හැටි

ඇත්තටම මගේ ජීවිතේ හරිම සැහැල්ලුවට ගෙවෙන එකක් නෙවෙයි.ඒ මොකද කියනවනම් මම මොකක් හරි කරන්න හිතගෙන හිටියනම් මට ඒ දේවල් කරගන්න ඉඩ ලැබුනු අවස්ථා ගොඩක් අඩුයි.මම දන්නැ ඒ ඇයි කියලා.ඉතින් මේ විදිහට මෙච්චරකල් මම විඳපු අත්දැකීම් ගැන ආපහු හැරිලා බැලුවම දැන් නම් සතුටුත් හිතෙනවා.කට්ට කාලා A/L ගොඩ දාගන්න මහන්සි වුන කාලේ මාර පට්ට අත්දැකීම් වලින් පිරිච්ච එකක්.මම කරන්න තෝරගත්තේ commerce.ඒක තමයි මම ජීවිතේ මෙතෙක්කල් කරපු ලොකුම ගොන්කම. මම 11 වසරෙදිම තේරුම් ගත්තා මට account බෑ කියලා.ඒත් මම මහලොකු වැඩ්ඩා වගේ කරන්න පටන් ගත්තා.මුල් මාස දෙක නම් අවුලක් නැතිව ඇද්දා address නැති වෙන්න.

Wednesday, February 23, 2011

අද දවස




මේ දවස් වල මට ටිකක් අපලයි.මම එහෙම කිව්වෙ මට සනීප නැති නිසයි.එපා වෙලා තියෙන්නෙ..තාම බෙහෙත් ගත්තෙ නම් නෑ.තව උන ටිකක් වැඩි වෙනකන් ඉදලම බෙහෙත් ගන්නවා :-)ම්ම් ජොබ් එකෙනුත් අයින් වුනු නිසා කරන්න වැඩකුත් නැ.දවස පුරාම නිදාගෙන ඉන්න එක හැර වෙන හොඳ ජොබ් එකක් මේ ලොවෙත් නෑ.දවස පුරාම නෙට් එකේ එන්න එකත් ෆන්....බිල එනකොට ඊටත් වඩා ෆන්..කඩ්ඩෙන් බ්ලොග් ලියනවට වඩා සිංහලෙන් ලියන එක ආතල් ^_^මම හිතුවට වඩා ගොඩක් අය සිංහලෙන් බ්ලොග් ලියනවනේ..ලංකාව දැන් හරි දියුනුයි නෙ බලන්ගියාම.එපා වෙන්නෙ සිංහලෙන් කොටන්න ගියාම තමයි.අතපය කැඩෙනකන් කොටපන්කො ඉතින්..තාම නම් මේක පටන් ගත්තා විතරයි.අපි ඉතින් ආධුනිකයොනේ.වැරදි ඇති ගනන් ගන්න එපා.තව දවසක මුනගැහෙමු.ඔන්න මම කැපුනා.

Tuesday, February 22, 2011

කවිය ඔබ මට


ඔබ කඳුලු කවියකි
මගෙ හිතේ පන ලැබූ
මං පරිස්සම් කෙරූ
හදවතට බර වැඩි

අපි අපට නොම හිමියි
මේ කඳුලු ඒ නිසයි
මගේ ප්‍රේමයයි හිතයි
සදහටම ඔබ ලඟයි

මේ දෛවයේ හැටී
අපි දුක් නොවි ඉමු
සංසාරයේ මතු
පෙම් බැඳන් ළන් වෙමු..
මේ මම ලියපු කවියක් නෙවෙයි.එච්චර හැකියාවක් මට නෑ..ඔය කවිය මම කියෙව්වෙ ගංඟා ෂයිනි ගමගේ ගෙ"කවිය ඔබ මම" කියන පොතෙන්.පට්ට ලස්සන කතාවක් ඒක.පුලුවන් නම් හොයාගෙන කියවන්න.මමත් බූට් කාපු කාලෙ ඔය වගෙ කවි,නිසඳැස් අනන්තවත් කියෙව්වා.මගෙ හිතට වැදුන නිසා ඔන්න මම ඒක ඔයාලත් එක්ක බෙදා ගත්තා.

Saturday, February 19, 2011

මගේ දැක්ම..

මුලින්ම හැමෝටම ආයුබෝවන් කියලා කිව්වා ඔන්න.මේක තමා මගේ පලවෙනි සිංහල බ්ලොග් ලිපිය.ගොඩ කාලේක ඉදලා අදහසක් තිබුනා සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න.ඒත් බ්ලොග් ලියන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙ නැහැ මම.ඔන්න ඉතින් අද ඉදලා බ්ලොග් එක ලෙසටම කරන්නයි මගෙ අදහස.නොදන්න ඉංග්‍රීසියට වඩා දන්න සිංහල හොඳයි කියලා ඔන්න සිංහලෙන්ම ලියන්නයි මගෙ උත්සහය.මගේ සිංහල බ්ලොග් කරනයට ජයවේවා..!!